ඉන්දියාවේ දකුණු දහ බටහිර ප්‍රාන්තවලට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 95ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, තවත් දහස් ගණනක් ජනයා ඔවුන්ගෙන් නිවෙස් හා ගම්බිම්වලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.
මියගිය අයගෙන් 40කට වැඩි පිරිසක් නිරතදිග කේරල ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම මෝසම් වැසි තත්ත්වය සමග ඇති වූ ගංවතුර හා නායයෑම නිසා ඇතැම් ප්‍රදේශ වෙත ළඟවීම පවා අපහසු කර ඇත.
ඒ අනුව, ජනතාව හැකි ආකාරයෙන් උස් බිම් කරා පැමිණෙන ලෙසත්, සෑම විටම ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් බලධාරීන් උපදෙස් දී තිබේ.
ඉන්දියාවේ ජූනි සහ සැප්තැම්බර් මාස තුළ මෝසම් වැසි තත්ත්වය වඩාත් ප්රබලව ඇති වන අතර, මෙම තත්ත්වය නිසා සෑම වසරකම ජීවිත හානිද වාර්තා වෙයි.