ඉන්දියාවේ වාණිජ අගනගරය ලෙස ප්රකට මුම්බායි නුවරට බලපෑ දැඩි වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, මෙම වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මහාමාර්ගවල ගමනාගමනයට මෙන්ම, දුම්රිය සහ ගුවන් ප්රවාහන සේවාවලටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මුම්බායි බලධාරීන් විසින් අඟහරුවාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කරමින් ජනතාවට හැකි තරම් නිවෙස් තුළටම වී සිටින ලෙස දන්වා තිබේ.
එරට කාලගුණ අංශ පෙන්වා දුන්නේ දශකයක පමණ කාලයකින් මුම්බායි නගරයට බලපෑ ඉතා ඉහළම වර්ෂාපතනය මෙය බවයි.
කෙසේ වෙතත්, මෝසම් වැසි සමය ඇරඹීමත් සමග මුම්බායි නගරය ආශ්රිතව ගංවතුර තත්ත්වයන් හට ගැනීමට ප්රධාන හේතුව අවිධිමත් ඉදිකිරීම් හා සංවර්ධන වැඩපිළිවෙළ බවට බොහෝ චෝදනා එල්ල වෙමින් තිබේ.