සෞඛ්‍යයට අවදානමක් ඇති බව අවධාරණය කරමින්, ඉන්දියානු කැබිනට් මණ්ඩලය ඉලෙක්ට්‍රොනික සිගරට් නිෂ්පාදනය, ආනයනය හා විකිණීම තහනම් කර තිබේ.
මෙවැනි වෑපින් නිෂ්පාදන තරුණ තරුණියන්ගේ සෞඛ්‍යයට දැඩිව බලපාන බැවින් ඒවා තහනම් කිරීම සඳහා විධායක නියෝගයක් අනුමත කර ඇති බව මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසීය.
ඉන්දියාවේ වැඩිහිටි දුම් පානය කරන්නන් මිලියන 100කට වඩා සිටින අතර එය ඊ-සිගරට් සමාගම් සඳහා විශාල විභව වෙළෙඳ පොළක් බව කියවුණි.
වෑපින් හෙවත්, නිකොටින්, ජලය, ද්‍රාවක සහ රසවලින් සාදනලද මිශ්‍රණයක් ආශ්වාස කිරීම - දුම්පානයට විකල්පයක් ලෙස සලකනු ලැබූවත්, ඉන් සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳ මෙතෙක් සම්පූර්ණ අනාවරණයක් කරගෙන නොමැති බව කියැවෙයි.
ඒ අනුව, ඉන්දියාව තුළ මෙම තහනම උල්ලංඝනය කරන වැරදිකරුවන්ට වසර තුනක් දක්වා සිර දඬුවමක් ඇතුළත් වේ. කෙසේ වෙතත්, මෙය සාම්ප්‍රදායික දුම්කොළ නිෂ්පාදනවලට බලපෑමක් නැති බවද කියයි.
“මෙයින් අදහස් කරන්නේ ඊ-සිගරට් සම්බන්ධ නිෂ්පාදන, නිෂ්පාදන, ආනයන හා අපනයන, විකිණීම, බෙදා හැරීම සහ ප්‍රචාරණය කිරීම තහනම් කර ඇති බවයි.” අමාත්‍ය සීතාරාමන් වැඩිදුරටත් පැවසුවාය.