ඉන්දියාවේ හින්දූන්, අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරීන් ඉන්දියාවේ අයෝධ්‍යා ප්‍රදේශයට එක්රැස්ව දැවැන්ත විරෝධතාවක් දක්වා තිබේ.
ඉන්දියාවේ උතුරුදිග නගරයක් වන ආයෝධ්යාව හින්දු - මුස්ලිම් ගැටුම් උත්සන්නව පවතින ප්‍රධාන නගරයක් ලෙස සැලකෙයි.
පසුගිය මාස කිහිපය තුළ මෙම ස්ථානයේ නව හින්දු කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් කතාබහ ඇති වූ අතර, මෙහි පැවති 16 වැනි සියවසට අයත් මුස්ලිම් දේවස්ථානයක් 1992 දී හින්දූන් විසින් විනාශ කර දැමීය.
මෙම විරෝධතාව සඳහා ලක්ෂ 2ක් පමණ වන හින්දූන් රැස්වූ අතර, ඔවුන් මෙම ස්ථානයේ හින්දු කෝවිල ඉදිකළ යුතු බවට බල කරන ලදී.
මෙම ස්ථානය හින්දූන්ගේ රාමා දෙවිඳුන් උපන් ස්ථානය ලෙස ඔවුන් සලකන අතර, මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් පරම්පරා ගණනාවක් පුරා මෙහි වැඳුම් පිදුම් කළ බවයි.