මුහුද අභ්‍යන්තරයේ සිදුවන නායයෑම් හරහා සිදුවන සුනාමි තත්ත්වයන් පවා හඳුනාගත හැකි නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කරන බව ඉන්දුනීසියාව පවසයි.
පසුගියදා ක්‍රැකටෝ ගිනි කන්ඳ සක්‍රීය වීමෙන් මිනිස් ජීවිත 429ක් බිලි ගනිමින් සිදුවූ සුනාමි අනතුරින් පසුව ඉන්දුනීසියානු බලධාරීන් මෙම තීරණයට පැමිණ තිබේ.
ඒ අනුව, මෙම නවතම සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය ස්ථාපිත කිරීම ලබන වසර ආරම්භයේදීම සිදුවනු ඇති බවද එරට රජය පවසයි.
පසුගිය සෙනසුරාදා සිදුවූ මෙම සුනාමි ව්‍යසනයෙන් තවමත් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින අතර, 16,000ක් දෙනා අවතැන්ව පසුවෙති.
සහන කණ්ඩායම් හා ස්වෙච්ඡා සංවිධාන එකතුව විශාල යන්ත්‍රෝපකරණ යොදාගෙන සුන්බුන් ඉවත් කරමින් තවදුරටත් ජීවතුන් අතර සිටින පිරිස් සොයා මෙහෙයුම් දියත් කරන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.