ඉන්දුනීසියානු පළාතක අහස ලේ රත් පැහැ ගැන්වීමක් සිදුව ඇති අතර, විශාල ප්‍රදේශයක පැතිරී ඇති ලැව් ගිනි මෙම තත්ත්වයට හේතුව බව වාර්තා වෙයි.
අහසේ ඇතිවී තිබෙන මෙම අසාමාන්‍ය තත්ත්වය ඡායාරූපයට ගත් ජම්බි පළාතේ එක් පදිංචිකාරියක කියා සිටියේ මේ රත් පැහැ ගැන්වූ හිස් වැස්ම ඇගේ ඇස්වලට සහ උගුරට තුවාල ගෙන දෙන්නක් බවයි.
සෑම වසරකම ඉන්දුනීසියාවේ ඇති වන ගින්නෙන් මුළු ගිනිකොනදිග ආසියානු කලාපයම ආවරණය වන පරිදි දුමාරයක් ඇති වෙයි.
මෙම අසාමාන්‍ය සංසිද්ධිය අහසේ ඇතිවන රෙලෙයි විසිරීම ලෙස හඳුන්වන බව කාලගුණ විද්‍යාඥයෙකු පවසා සිටියේය.