ඉතාලියේ රාත්රී සමාජ ශාලාව ඇති වූ තදබදයක් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, බරපතළ තත්ත්වයේ 12 දෙනෙකු සමග තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇන්කෝනා වෙරළ නගරයට ආසන්නයේ වූ කොරිනාල්ඩෝ නගරයේ සමාජ ශාලාවක මෙම අවාසනාවන්ත තත්ත්වය සිදුව ඇති අතර, සමාජ ශාලාව තුළ ගම්මිරිස් විදුමක් සිදුකර ඇති බවට වූ කලබලයක් මීට මූලික වී ඇති බවද කියැවෙයි.
රැප් ගායකයෙකු වූ සෆෙරා එබ්ස්ටාගේ ප්රසංගයක් මෙම අවස්ථාවේදී රාත්රී සමාජ ශාලාව තුළ පැවතී ඇති අතර, 1,000කට ආසන්න පිරිසක් එහි රැස්ව සිටි බවද සඳහන් වෙයි.
මියගිය අයගෙන් පස් දෙනෙකු වයස අවුරුදු 14ත් 16ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, අනෙක් පුද්ගලයා වයස අවුරුදු 39ක කාන්තාවකි. ඇය සිය දියණිය සමග රාත්රී සමාජ ශාලාව වෙත ගොස් තිබුණි.