චීන රතු කුරුස සංගමය විසින් එහි ඉතියෝපියානු සගයා වෙත සිදුකරන පරිත්‍යාගයක් ලෙස චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත් තොගයක් ලබාදී තිබේ.
මෙම එන්නත් මාත්‍රා තොගය ඉතියෝපියාවේ ඇඩිස් අබාබා බොලේ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ (19දා) ළඟාවී තිබේ.
ඉතියෝපියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඉතියෝපියානු රතු කුරුස සංගමයේ නියෝජිතයන්, ඉතියෝපියානු චීන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
ඉතියෝපියාවේ ගැටුම්වලින් පීඩාවට පත් ටයිග්‍රේ කලාපීය ප්‍රාන්තය තුළ මෙම එන්නත් මාත්රාවලින් කොටසක් භාවිත කරන බව ඉතියෝපියාවේ සෞඛ්‍ය අමාත්‍ය ඩෙරෙජ් ඩුගුමා පැවසීය.
"මෙම පරිත්‍යාගය ඉතියෝපියාවට ගෙන ඒම සඳහා චීන රජය සහ චීනයේ රතු කුරුස සංවිධානය සමග එක්ව කටයුතු කිරීම ගැන රතු කුරුස සංවිධානයට අපි ස්තූතිවන්ත වෙනවා" යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. "වසංගතයේ මුල් මාස කිහිපයේ සිට විවිධ සහයෝගය ලබාදීම පිළිබඳව අපගේ ප්‍රමුඛතම ස්තූතිය චීන රජයට සහ චීනයේ ජනතාවට ලැබෙනු ඇති."
චීනය මේ වනවිට ඉතියෝපියාවට කොවිඩ්-19 එන්නත් මාත්‍රාව 500,000ක් පරිත්‍යාග කර කර ඇති බව එරට චීන තානාපති කාර්යාලය පවසයි.