ඇෆ්ගනිස්තානයේ පෞද්ගලික ආරක්ෂක රාජකාරීන්හි නිරත G4S බ්‍රිතාන්‍ය ආරක්ෂකයන් වෙත ප්‍රහාරයක් දියත් කළ බව තලේබාන් සංවිධානය පවසයි.
කාබුල් නගරයේ පිහිටි ඔවුන්ගේ කඳවුරක් වෙත ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බ්‍රිතාන්‍ය ජාතිකයෙකුද ඒ අතර වෙයි.
කාබුල් නගරයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය පිහිටි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල යෙදෙන ඔවුන් ලෝකයේ විශාලතම පෞද්ගලික ආරක්ෂක සමාගම්වලින් එකකි.