ඇෆ්ගනිස්ථානය වෙත එල්ල කෙරුණු ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මුල්ලාහ් අබ්දුල් මනාන් අඛූන්ඩ් දකුණුදිග හෙල්මන්ඩ් පළාතේ තලේබාන් සටන් නායකයා සහ ආණ්ඩුකාරවරයා ලෙස කටුයතු කළ පුද්ගලයා බව තහවුරු වී තිබේ.
හෙල්මන්ඩ් පළාතේ, නවුසාඩ් දිස්ත්‍රික්කය වෙත සෙනසුරාදා (01දා) රාත්රියේදී මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර, එය තම සංවිධානය වෙත සිදුවූ බලවත් පාඩුවක් යැයි තලේබාන් සංවිධානය පවසා ඇත.
කෙසේ වෙතත්, මෙවැනි කඩාවැටීම් හමුවේ වුවද ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනයක් පිහිටුවීමට ගෙනයන වැඩපිළිවෙළ නැවැත්විය නොහැකි බව ඔවුන් අවධාරණය කරයි.