ඇෆ්ගනිස්තානයේ උතුරුදිග මූලෝපාය නගරයක් වන කුන්ඩූස් වෙත ප්රබල ප්රහාරයක් දියත් කිරීමට තලේබාන් සංවිධානය කටයුතු කර තිබේ.
දිශා හතරකින් නගරය වට කර මෙම පහරදීම සිදුකර ඇති අතර, එහිදී ඔවුන් නගරය වෙත ඇතුළු වීමට ගත් උත්සාහය ඇෆ්ගන් රජයේ ගුවන් ප්රහාර හේතුවෙන් තරමක් අඩාල වී තිබේ.
කෙසේ වෙතත්, ඔවුන් එසේ නගරයට පහරදීමට පැමිණි දිශා හතරේ තවමත් රැඳී සිටිමින් යළිත් පහරදීම සඳහා සූදානම් වන බව සඳහන් වෙයි.
ඇෆ්ගනිස්තානය තුළ පූර්ණ නිදහසක් වෙනුවෙන් තලේබාන් සටන්කාමීන් සහ ඇමෙරිකානු රජයේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී මෙවැනි ප්රහාර දියත් වීමද තරමක් විශේෂ සිදුවීමකි.
මේ අතර, නගරය පුරා වෙඩි හඬ ගිගුම් දෙන අතර, නගරයේ දුරකථන සම්බන්ධතා සියල්ල ඇණහිට ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, නගරයේ පොලිස් ස්ථානය ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් සිවිල් වැසියන් තිදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.