ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විවාහ මංගල උත්සවයක් පැවති ශාලාවක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 63 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 180 දෙනෙකු තුවාල ලබා තිබේ.
විවාහ උත්සවය සිදුවන අවස්ථාවේදී ඊට ඇතුළු වූ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බය පුපුරුවාගත් බව සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත.
එරට වේලාවෙන් ඊයේ රාත්රී 10.40ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර, මෙය කාබුල් නගරයේ ෂියා මුස්ලිම්වරුන් බහුලව ජීවත් වන ප්රදේශයක් ලෙස සැලකෙයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන නොමැති අතර, ඔවුන් එය ප්රතික්ෂේප කරයි. එමෙන්ම, කිසිදු සංවිධානයක් එය මෙතෙක් භාරගෙන නැත.
කෙසේ වෙතත්, පාකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ ජීවත් වන සුළුතර ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් පසුගිය කාලය පුරාවට තලේබාන් සංවිධානය සහ ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය ප්රහාර එල්ල කරනු ලැබීය.