ඇෆ්ගනිස්ථාන රජයේ ගොඩනැගිල්ලක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයක් සමග කාබුල් නුවර පොදු කටයුතු අමාත්‍යාංශයට එල්ල කෙරුණු මෙම ප්‍රහාරයෙන් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අවස්ථාවේදී එහි සේවය කළ සිය ගණනක් පිරිස එම ගොඩනැගිල්ල තුළ සිරවී ඇති අතර, ඇතැම් පිරිස් ජීවිතය බේරාගැනීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටතට පැන ඇති බවද සඳහන් වෙයි.
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මෙන්ම, තලේබාන් සංවිධානයද පසුගිය කාලයේදී මෙවැනි ප්‍රහාර දියත් කර තිබුණි.
ගොඩනැගිල්ල ඉදිරිපිට මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් සමග ප්‍රහාරය ඇරඹී ඇති අතර, එම අවස්ථාවේදී ආයුද සන්නද්ධ ත්රස්තවාදීන් ගොඩනැගිල්ල වෙත කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.