පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන ඉතාලියේ පීසා නුවර පිහිටි ඇලවෙන කුලුණේ ඇලවීම මේ වනවිට මන්දගාමී වන බව එහි පාදම ශක්තිමත් කිරීම සඳහා ක්රියාකරන ඉංජිනේරුවෝ පවසති.
12 වැනි සියවසේදී ඉදිකෙරුණු ඇලවුණු කුලුණේ ඇති වූ මේ අයහපත් තත්ත්වයත් සමග 1980 දශකයෙන් පසුව වසර 20කට වැඩි කාලයක් එය මහජනතාවට විවෘත වූයේ නැත.
මෙම කාලය අතරතුර ඉංජිනේරුවන් කුලුණේ ඇලවීම වැළැක්වීම සඳහා පියවර රැසක් ගෙන තිබුණු අතර, එය යළි මහජනතාවට විවෘත කිරීම වර්ෂ 2001 දී සිදුවිය.
ඒ අනුව, පෙර බලාපොරොත්තු වූ තරමට වඩා කුලුණේ ශක්තිය මේ වනවිට වැඩි වී ඇති බවත්, එය ඇලවීම වසරකට සෙන්ටිමීටර් 4කටත් වඩා වැඩි ප්රමාණයකින් ආරක්ෂා කරගැනීමට හැකිවුණු බවත් මෙම ඉංජිනේරුවෝ වැඩිදුරටත් පවසා සිටිති.