ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ඇතිව තිබෙන වාර්තාගත ලැව්ගිනි නිවාදැමීම සඳහා සැලසුම් ඇතුළු ලොජිස්ටික් සහ මූල්‍ය සහාය ලබාදීමට G7 රාජ්‍ය නායක සමුළුවේදී රාජ්‍ය නායකයන් එකඟ වී තිබේ.
ප්‍රංශ ජනපති එමානුවෙන් මැක්රෝන් පවසා සිටියේ එම රාජ්‍ය නායකයන් විසින් ඇ.ඩො.මිලියන 22ක පමණ මූල්‍ය සහායක් ලබාදෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, ප්‍රංශ ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විරෝධාකල්පයකින් කතා කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ, බ්‍රසීලය මිනිසුන් රහිත, යටත්විජිතයක් ලෙස ප්‍රංශ ජනපතිවරයා තවමත් සිතාගෙන සිටින බවයි.
කෙසේ වෙතත්, පරිසර සංවිධාන අනතුරු අඟවන ආකාරයට බ්‍රසීලය පුරා මෙම වසරේදී වාර්තාගත ලැව්ගිනි ප්‍රමාණයක් හටගෙන ඇති අතර, මෙම ගිනි නිවාදැමීම සඳහා බ්‍රසීලයේ ප්‍රාන්ත 6කට දැනටමත් හමුදා යෙදවීමක්ද සිදුකර තිබේ.
ප්‍රංශයේ පැවති G7 රාජ්‍ය නායක සමුළුවේදී කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, මහා බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල නායකයන් මෙම අරමුදල් සැපයීමට එකඟත්වය පළ කර ඇත.