බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය ආශ්‍රිතව තවත් ලැව්ගිනි රැසක් වාර්තා වෙමින් පවතින බවත්, එරට ආරක්ෂක අංශ ගිනි නිවන හමුදාව සමග එක්ව මෙම ස්ථාන කරාද යොමුවෙමින් සිටින බවත් වාර්තා වෙයි.
ඒ අනුව, මේ වනවිටත් ඇමසන් වනාන්තරය ආශ්රිත ප්‍රාන්ත නවයෙන්, ප්‍රාන්ත හයක්ම හමුදාවේ සහාය ඉල්ලා ඇති බව කියයි.
පාරා, රොන්ඩෝනියා, රොරයිමා, ටොකන්ටින්ස්, අක්රේ සහ මාටෝ ග්‍රොස්සෝ යන ප්‍රාන්ත මෙලෙස හමුදාවේ සහාය ඉල්ලා ඇති බව එරට පරිසර අමාත්‍යවරයා කියයි.
ඇමසන් වනාන්තරය ආශ්‍රිතව මෙම වසරේ වාර්තා ලැව්ගිනි ප්‍රමාණයක් වාර්තා වන අතර, පසුගිය අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පමණක් ස්ථාන 1,663කින් ලැව්ගිනි වාර්තා වී තිබුණි.
ඉන් ලැව්ගිනි 1,200ක් සෘජුවම ඇමසන් වැසි වනාන්තරයට බලපෑම් කළ ලැව්ගිනි බව බ්‍රසීලයේ අභ්‍යකාශ පර්යේෂණ ඒජන්සිය පවසයි.
එමෙන්ම, බ්‍රසීලයේ නිල වාර්තාවන්ට අනුව මෙම වසර තුළ ලැව්ගිනි 78,383ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරට වඩා ලැව්ගිනිවල 84%ක වර්ධනයකි. ඉන් ලැව්ගිනි අඩකට වඩා සෘජුවම ඇමසන් ආශ්‍රිතව වාර්තා වී තිබේ.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ බ්‍රසීලයේ අලුතින් පත්වූ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ අත්තනෝමතික ප්‍රතිපත්ති හේතුවෙන් ගොවීන් විසින් වගාවන් සහ සත්ව පාලනයට වන විනාශය සිදුකරන බවයි.