මධ්‍යම ඇමෙරිකාවේ සිට එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වීමට පැමිණි සරණාගත දරුවෙකු ඇමෙරිකානු අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ග්වතමාලාවේ සිට පැමිණි මෙම දරුවා වයස අවුරුදු 8ක පිරිමි දරුවෙකු බවත්, ඔහු නමින් ෆිලිපේ අලොන්සෝ ගෝමස් බවත් ටෙක්සාස් කොංග්රස් සභිකයෙකු අනාවරණය කරයි.
ඇමෙරිකානු - මෙක්සිකෝ දේශසීමා පැනීමේදී අත්අඩංගුවට ගත් සරණාගතයන් අතර සිටි දරුවෙකු මෙම මාසය තුළ ජීවිතක්ෂයට පත්වූ දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
මීට පෙර වයස අවුරුදු 7ක ජේක්ලින් කාල් නමැති ග්වතමාලා දරුවෙකුම මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ටෙක්සාස් කොංග්රස් සභිකයා කොංගස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.