ඇමෙරිකාව වෙළාගෙන ඇති වෛරී සහ සුදු අන්තවාදය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩිව හෙළාදැක තිබේ.
ටෙක්සාස් සහ ඔහයිඕ ප්‍රාන්තවල සිදුවූ සමූහ වෙඩි තැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත.
විශේෂයෙන්ම ගිනි අවි පාලනය සම්බන්ධයෙන් සෘජු අදහස් දැක්වීමකට වඩා මානසික ව්‍යාධීන් සහ දැඩි වෛරය මීට මූලික වී ඇති බව ට්‍රම්ප් කියයි.
එමෙන්ම, මෙවැනි වැරදිකරුවන් වෙත මරණීය දණ්ඩනය හඳුන්වාදිය යුතු බව පවසන ට්‍රම්ප්, කොංග්‍රසය විසින් යෝජනා කර ඇති ගිනිඅවි පාලන ප්‍රතිපත්ති වෙනස්කම් ගැන කිසිවක් කතා නොකරයි.
එක හඬින් අපේ රට මේ සුදු අන්තවාදය හා මානසික ව්‍යාධිය හෙළා දැකිය යුතුයි. මේ පවුකාර අදහස් අප සහමුලින්ම පරාජය කළ යුතුයි. වෛරය තුළින් ඇමෙරිකාවට සාමයක් උදාවන්නේ නෑ.
ටෙක්සාස් සහ ඔහයිඕ ප්‍රාන්තවල සිදුවූ වෙඩි තැබීම් සුදු අන්තවාදී අදහස් දරන්නන් විසින් සිදුකර ඇති අතර, ඔවුන් විශේෂයෙන්ම ලතින් සහ මධ්‍යම ඇමෙරිකානුවන්ව මෙම ප්රහාරවලදී ඉලක්ක කර ඇත. මෙම සිදුවීම්වල මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ නැග තිබුණි.