එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්ගේ පවුලේ බලු සුරතලුන් දෙදෙනාගෙන් වැඩිමහල්ලා වූ චැම්ප් මියගිය බව නිවේදනය කරයි. ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ මෙම සුනඛයා අවුරුදු 13ක දිවි ගමනට සමුදී තිබේ.
"පසුගිය වසර 13 තුළ අපගේ නිරන්තර, ආදරණීය සහකරුවා වුණේ චෑම්ප්." බයිඩන් සහ ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩන් ජනාධිපතිගේ නිල ට්විටර් ගිණුමට ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියහ.
2008 දී බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සුනඛ අභිජනනය කරන්නෙකුගෙන් චැම්ප් ඔහුට ලැබුණි.
"අපගේ ප්රීතිමත්ම අවස්ථාවන්හිදී සහ අප දුකින් සිටි දිනවලදී, චෑම්ප් අප සමග සිටියා. අපගේ නොකියූ සෑම හැඟීමකටම හා චිත්තවේගයකටම සංවේදී වුණා" බයිඩන් පැවසීය.