එක්සත් ජනපදය න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ මැදි දුර කෘස් මිසයිලයක් කැලිෆෝනියානු වෙරළ ආශ්රිත ස්ථානයකදී සාර්ථකව අත්හදා බැලූ බව පෙන්ටගනය පවසයි.
අතුරු-මැදි දුර න්‍යෂ්ටික අවි ප්රඥප්තිය රුසියාව විසින් උල්ලංඝනය බව පවසමින් පසුගිය අගෝස්තු 02 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ප්රඥප්තියෙන් ඉවත්වීමෙන් පසුව ඔවුන් මෙම අත්හදා බැලීම සිදුකළේය.
මෙම මිසයිල අත්හදා බැලීමත් සමග මොස්කව් පාලනය එක්සත් ජනපදය වෙත චෝදනා කළේ ඔවුන් යුද්ධයකට අතවැනීමක් කරන බවටය. එමෙන්ම, තමන් පෙරකී ප්රඥප්තිය උල්ලංඝනය කළ බවට ඇමෙරිකාව කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද රුසියාව කියයි.
සීතල යුද සමය දක්වා දිවගිය මෙම මිසයිල සම්බන්ධ ප්රඥප්තිය තුළින් කිලෝමීටර් 500ත්, 5,500ත් අතර දුර ගමන් කළ හැකි මිසයිල අත්හදා බැලීම් වළක්වා තිබුණි.
එක්සත් ජනපද නාවික හමුදාව යටතේ පවතින ශාන්ත නිකොලස් දූපතේ සිට මෙම මිසයිල අත්හදා බැලීම සිදුවූ බව පෙන්ටගනය වැඩිදුරටත් පෙන්වා දෙයි.