චීනයට ආනයනය කරන ඇමෙරිකානු මෝටර් රථ වෙනුවෙන් චීනය අය කිරීමට සූදානම් වූ 40෴ක වෙළෙඳ බදු අඩු කරමින්, ඒවා ඉවත් කිරීමට චීනය කටයුතු කරනු ඇති බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම ට්විටර් නිවේදනය සම්බන්ධයෙන් චීනය මෙතෙක් අදහස් දැක්වීමක් සිදුකර නොමැති අතර, එම ට්විටර් පණිවුඩයේ මේ සම්බන්ධයෙන් වැඩිදුරට තොරතුරු ඇතුළත් නොවන බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම නිවේදනය සත්‍යයක් නම් ඇමෙරිකානු - චීන වෙළෙඳ යුද්ධය හමුවේ අර්බුදයකට ලක්ව ඇති මෝටර් රථ කර්මාන්තයට වඩාත් හිතකර පරිසරයක් උදාවනු ඇත.
පසුගියදා ආර්ජන්ටිනාවේ පැවති G20 රාජ්‍ය නායක සමුළුවෙන් පසුව ට්‍රම්ප් සහ ජින්පිං අතර සිදුවූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවේදී දින 90ක කාලයක් සඳහා වෙළෙඳ බදු වැඩි කිරීමකින් තොරව, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට දෙරටම එකඟත්වයකට පැමිණ තිබුණි.