එක්සත් ජනපදයෙන් සහ යුරෝපා සංගමයෙන් එල්ල වී ඇති සම්බාධකවලට එරෙහිව සිම්බාබ්වේ රජයේ සහාය ලබන උද්ඝෝෂණ මාලාවක් රට පුරා දියත් වෙමින් තිබේ.
උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ මෙම සම්බාධක විසින් සිම්බාබ්වේ ආර්ථිකය වළපල්ලට ඇද දමනු ඇති බවයි.
නමුත්, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මෙම චෝදනා ප්රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ තනි තනි පුද්ගලයන් සහ ඇතැම් සමාගම් ඉලක්ක කර යෙදූ මෙම සම්බාධක නිසා සිම්බාබ්වේ ආර්ථිකය කඩා නොවැටෙන බවයි.
මෙම උද්ඝෝෂණ මාලාව සිදුකිරීම සඳහා සිම්බාබ්වේ රජය විසින් ප්රසිද්ධ නිවාඩු දිනයක්ද ප්රකාශයට පත්කර තිබුණු අතර, උද්ඝෝෂකයන්ට නොමිලේ ප්රවාහන පහසුකම් සපයා තිබුණි.
සිම්බාබ්වේ ජනපති එමර්සන් මනන්ග්වා විසින් ජාතික ක්රීඩා සංකීර්ණයේදී ජනතාව අමතා විශේෂ රැලියක්ද පවත්වා තිබුණි.