එක්සත් ජනපදය විසින් ඉන්දියානු නිෂ්පාදන සඳහා ලබාදී තිබූ තීරුබදු සහනය ඉවත්කිරීම ඇතුළු වෙළෙඳ ගැටුම්වලට ප්‍රතිචාරයක් ලෙස එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන නිෂ්පාදන 28ක බදු ඉහළ නැංවීමට ඉන්දියාව කටයුතු කරයි.
ඒ අනුව, ඉරිදා දිනයේ සිට ක්‍රියාත්මක මෙම නව තීරුබදු යටතේ ඇමෙරිකාවෙන් ආනයනය කරන ආමන්ඩ් සහ ඇපල් ඇතුළු නිෂ්පාදනවල තීරුබදු 70%කින් පමණ ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.
විශේෂයෙන්ම දිල්ලියෙන් ඇමෙරිකාවට ආනයනය කෙරෙන වානේ සහ ඇලුමීනියම් සඳහා ඔවුන් පැනවූ බදු අඩු කිරීමට එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කිරීමද මෙම ප්‍රතික්‍රියාව වේගවත් වීමට හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ඉන්දීය මුදල් අමාත්‍යාංශය පවසා ඇත්තේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ඔවුන් මෙවැනි තීරණයකට පැමිණි බවයි.
ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්වීපාර්ශ්වික වෙළෙඳාම එක්සත් ජනද ඩොලර් බිලියන 142ක් පමණ බව කියැවෙයි.