ඇමෙරිකානු දේශසීමා වෙත ඇතුළු වීමට උත්සාහ කළ මධ්‍යම ඇමෙරිකානු සංක්‍රමණිකයන් 500ක් යළිත් ඔවුන්ගේ රටවලට පිටුවහල් කිරීමට කටයුතු කරන බව මෙක්සිකෝව පවසයි.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම සංක්‍රමණිකයන් පිරිස නීතිවිරෝධීව හා ආක්‍රමණශීලීව දේශසීමාව පැනීමට උත්සාහ කළ බවයි.
ඇමෙරිකානු හා මෙක්සිකෝ දේශසීමාවක් පවතින ටිජුආනා නගරය ආසන්නයේ දේශසීමා තාප්පය වෙත කාන්තාවන්, දරුවන් මෙන්ම වැඩිහිටි පිරිමින් දිවයන ආකාරය දැක්වෙන ඡායාරූප විදෙස් වාර්තාවල දැක්විණි.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී ඇමෙරිකානු දේශසීමා ආරක්ෂකයන් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව, කලහකාරී ලෙස හැසිරෙමින් දේශසීමා පැනීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් වහාම පිටුවහල් කිරීමට පියවර ගන්නා බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.