ඇමෙරිකාව සමග එකඟත්වයට පැමිණි වෙළෙඳ බදු අඩු කිරීම ඇතුළු පොරොන්දු ඉතා ඉක්මණින් ක්රියාවට නංවන බව චීන බලධාරීහු පවසති.
මාස කිහිපයක් පුරා දෙරට අතර පැවති වෙළෙඳ යුද්ධය හමුවේ ඇ.ඩො.බිලියන ගණනක් වන භාණ්ඩ සඳහා එකිනෙකා වෙළෙඳ බදු ඉහළ දැමීමක් සිදුකරන ලදී.
කෙසේ වෙතත්, මීට සතියකට පෙර ආර්ජන්ටිනාවේදී පැවැත්වුණු G20 රාජ්ය නායක සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී දෙරටේ රාජ්ය නායකයන් මුහුණට මුහුණ හමුවී සිදුකළ සාකච්ඡාවක ප්රතිඵලයක් ලෙස දින 90ක කාලයක් සඳහා වෙළෙඳ බදු වැඩිකිරීමක් සිදු නොකිරීමට දෙරටම එකඟත්වයකට පැමිණ තිබුණි.
නමුත්, ඔවුන් කවරාකාරයකින් මෙම වෙළෙඳ බදු අඩුකිරීම ඇතුළු පොරොන්දු ඉටුකිරීම සිදුකරන්නේද යන්න පිළිබඳව මෙතෙක් දෙපාර්ශවය විසින්ම පැහැදිලි කිරීමක් කර නොතිබුණු අතර, මෙහිදී චීනයද ඔවුන් සිදුකරන්නට යන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කර නොතිබුණි.