ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනපති මවුරිසිඕ මාර්සි පළමු වටයේ පරාජය වීමත් සමග එරට ආර්ථිකය තවදුරටත් උග්‍ර අතට පත්වන වටපිටාවක එරට ආර්ථික කටයුතු භාර අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ.
නිකොලාස් ඩියුජොව්නේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් තමන්ගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර තිබේ.
පසුගිය සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයේ පළමු වටයේදී ඔහු ලැබූ පරාජයත් සමග ආර්ජන්ටිනා පේසෝ අගය ඩොලරයට සාපේක්ෂව 20%ක් අවප්‍රමාණය විය.
ඇල්බේටෝ ෆ්ර්නැන්ඩේස් විසින් මෙම මූලික ඡන්ද වටයේදී වත්මන් ජනාධිපතිවරයා පරාජයට පත්කිරීමට සමත් විය.