ආර්ජන්ටිනාවේ පැවති ජනාධිපතිවරණයෙන් මධ්‍ය වාමාංශික විරුද්ධ පක්ෂ අපේක්ෂක ඇල්බර්ටෝ ෆර්නැන්ඩේස් ජයග්‍රහණය කරමින් එරට ජනපතිවරයා ලෙස තේරීපත්ව තිබේ.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය 45%ක ඡන්ද ප්‍රතිශතය අභිභවා යෑමට ඇල්බර්ටෝ සමත්ව ඇත්තේ වත්මන් කන්සවර්වේටිව් ජනපති මවුරිසිඕ මාර්සී පරාජයට පත්කරමිනි.
ඔහුගේ ජයග්‍රහණය සැමරීම සඳහා ඇල්බර්ටෝගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ආසන්නයේ පාක්ෂිකයන් විශාල පිරිසක් රැස්ව සිටින බව විදෙස් වාර්තා පවසයි.
ආර්ජන්ටිනාව තුළ දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයක් පැවති වාතාවරණයක මෙම මැතිවරණය පැවති අතර, ආර්ජන්ටිනා ජනතාවගෙන් තුනෙන් එකක් දුගී බවට පත්ව සිටි බව වාර්තා වෙයි.
පසුගිය අගෝස්තු මාසයේ පැවති පූර්ව මැතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයාට තර්ජනයක් කළ වත්මන් ජනපති මාර්සි වෙත ජනතාව ඉතා හොඳ පිළිතුරක් ලබාදී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
ඒ අනුව, මැතිවරණය පරාජයට පත්වූ බව වත්මන් නායකයා මේ වනවිට පිළිගෙන ඇති අතර, ඔහු සිය දේශපාලන විරුද්ධවාදියාට සුබපතා ඇති බවත්, සුමට බල හුවමාරුවක් සඳහා ඔහුට ජනාධිපති මන්දිරයට ආරාධනා කර ඇති බවත් දැනගන්නට ලැබෙයි.