ගෝලීය ප්රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ජර්මනියේ ඩොයිෂ් බැංකුව රැකියා 20,000ක් කප්පාදු කිරීමට සූදානම් වෙයි.
මෙසේ රැකියා කප්පාදුවෙන් වැඩි ප්‍රමාණයක් වෝල් ස්ටීට් සහ ලන්ඩනය කේන්ද්‍ර කරගත් ඩොයිෂ් බැංකුවලින් සිදුවනු ඇත.
ජර්මනියේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස සැලකෙන ඩොයිෂ් බැංකුව පසුගිය කාලය පුරා ඇතැම් මෙහෙයුම් ලාභ සම්බන්ධයෙන් මෙන්ම, කොටස් මිල පහළ යෑමේ අර්බුදයන්ට මුහුණ දෙමින් සිටියේය.
මීට මුහුණදීම සඳහා කොමර්ස්බෑන්ක් සමග ඒකාබද්ධවීමේ සාකච්ඡාවක්ද ඔවුන් සිදුකර තිබුණත්, එයද බිඳ වැටුණු අතර, අවසානයේදී එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම නව ප්රතිසංවිධාන යෝජනාවට අනුමැතිය ලබාදී තිබේ.
මේ හේතුවෙන් ගෝලීය වශයෙන් ඩොයිෂ් බැංකුවේ සේවය කරන සේවකයන් පහෙන් එකකට පමණ රැකියා අහිමි වන බව සඳහන් වෙයි.