අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළ හා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට වැරදිකරු වූ බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරයෙකු සිංගප්පූරුවේදී මාස 10ක සිර දඬුවමකට යටත් කර තිබේ.
ඩේමියන් මයිකල් නමැති 60 හැවිරිදි මෙම ගුරුවරයා සිංගප්පූරු අධිකරණය හමුවේ තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කර සිටියත්, ඔහු සමග අයිස් මත්ද්‍රව්‍ය පැකට් 11ක් හමුවූ බව පොලීසිය අධිකණයට කරුණු දක්වා ඇත.
පසුගිය මාර්තු 5දා බැල්මරෝල් මාවතේ මහල් නිවාසයකදී අදාළ ගරුවරයා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම ගුරුවරයා වෙත ආරම්භයේදී චෝදනා 5ක් එල්ල වුවත්, ඔහුගේ පාපොච්චාරණයන් හමුවේ ඉන් චෝදනා 3කට පමණක් වරදකරු වීම නිසා වසර 10ක් වීමට තිබූ දඬුවම මාස 10කට කෙටි වී තිබේ.
සිංගප්පූරුව තුළ දැඩි නීති ක්‍රියාත්මක වන අතර, අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතය මෙන්ම, මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමද දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.