චීනයේ තුන්වැනි පරම්පරාවේ අභ්‍යවකාශ ලුහුබැඳීමේ නෞකාව වන යුවාන්වාන්ග්-6 විසින් ටියැන්ෂෝ-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයට සහ ෂෙන්ෂෝ-12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයට අවශ්‍ය මෙහෙයුම් සඳහා වූ දුරමානන, ලුහුබැඳීම් සහ අණදීම් කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසුව ඊයේ (21දා) සිය වරාය වෙත පැමිණ තිබේ.
එහිදී මෙම සුවිශේෂී යුවාන්වාන්ග්-6 නෞකාව දින 29ක් සාගරයේ ගත කර ඇති අතර, මෙම අභ්‍යවකාශ මෙහෙයුම් ද්විත්වය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික සැතපුම් 5,000කට වඩා යාත්‍රා කළේය.
මැයි 29දා චීනය ටියැන්ෂු-2 දියත් කළේය. භාණ්ඩ ප්‍රවාහනයේ නිරත මෙම යානය සැපයුම්, උපකරණ සමග අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියැන්හේ සමග මැයි 30දා සාර්ථකව සම්බන්ධ විය.
ජුනි 17දා චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ගගනගාමීන් තිදෙනෙකු සමග ෂෙන්ෂෝ-12 සාර්ථකව දියත් කළේය.
මෙම මෙහෙයුම්වලදී යුවාන්වාන්ග්-6 නෞකාව විසින් අභ්‍යවකාශ යානය සහ භූමිය අතර වැදගත් සන්නිවේදනයක් ලබා දී ඇත.
විශේෂයෙන්ම ෂෙන්ෂෝ -12 කක්ෂගත කිරීම සහ සූර්ය පැනල විවර කිරීම ඇතුළුව මෙහෙයුම් සඳහා මෙම දැවැන්ත නෞකාව සැලකිය යුතු දත්ත සහායක් ලබාදී ඇත. ඒ අනුව යුවාන්වාන්ග්-6 මේ වසරේදී සමුද්‍රීය දුරමානන, ලුහුබැඳීම් සහ අණදීම් කාර්යයන් අඩංගු අභ්‍යවකාශ මෙහෙයුම් හයක් සම්පූර්ණ කර තිබේ.