ඇමසන් වැසි වනාන්තරය ආශ්රිතව ඇතිවී තිබෙන වාර්තාගත ලැව්ගිනි ගෝලීය අර්බුදයක් සේ සලකා වහාම ක්රියාත්මක විය යුතු බව ප්රංශ ජනපති එමානුවෙන් මැක්රෝන් අවධාරණය කරයි.
ප්රංශයේදී ඇරඹීමට නියමිත G7 රාජ්ය නායක සමුළුව අභිමුව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඇපේ නිවහන ගිනිගෙන දැවෙනවා යනුවෙනි.
කෙසේ වෙතත්, ප්රංශ නායකයාගේ මෙම අදහස් දැක්වීමට ප්රතිචාර ලෙස බ්රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ පවසා තිබුණේ, මෙම ලැව්ගිනි සිද්ධිය මුල් කරගෙන මැක්රෝන් දේශපාලන වාසියක් අත්කර ගැනීමට උත්සාහ කරන බවයි.
විශේෂයෙන්ම, බ්රසීලයේ ඇමසන් ආශ්රිතව ඇතිව තිබෙන වාර්තාගත ලැව්ගිනි සම්බන්ධයෙන් G7 රාජ්ය නායක සමුළුවේදී විශේෂ සාකච්ඡාවක් ඉල්ලා සිටීමටද මැක්රෝන් කටයුතු කර ඇත.
මෙම යෝජනාවටද විරුද්ධත්වය ප්රකාශ කර ඇති බ්රසීල අගමැතිවරයා, මෙය බ්රසීලයේ පෞද්ගලික ප්රශ්නයක් මිස, එය ගෝලීය අර්බුදයක් නොවන බව අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, ඇමසන් වනාන්තරය යනු ලෝකයේ ඔක්සිජන් නිෂ්පාදනයෙන් 20%ක් පෝෂණය කරන අතිශය වැදගත් වැසි වනාන්තර පද්ධතියක් වන අතර, ගෝලයේ පිරිසුදු ජල සම්පතින් 20%කටද උරුමකම් කියයි.
ඉන් නොනැවතී, මිලියන තුනක් වූ ශාක සහ සත්ව ප්රජාවන්ට නිවහන වී ඇති ඇමසන් වනාන්තරය ඇසුරු කරගෙන මිලියනයකට අධික ගෝත්රික ජනතාවක්ද ජීවත් වෙයි.