ගෝලීය වශයෙන් ඇති වන හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා වූ ධාරිතාවක් හෝ සංස්කෘතියක් තමන්ට නොමැති බව ඉබෝලා වසංගතය තුළින් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළ කර ඇති නවතම වාර්තාවක මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
බටහිර අප්‍රිකාව තුළ මිනිස් ජීවිත 11,000ක් අහිමි කළ වසංගතය පිටු දැකීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එළඹුම අතිශය මන්දගාමී වූ බව එම වාර්තාව පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ සංවිධානය තුළ සමස්ත ප්රතිසංස්කරණයක් අවශ්‍ය බවත්, එම ප්රතිසංස්කරණයක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් බවත් පෙන්වා දී තිබේ.