MH370 සෙවීමට කාල නියමයක් කියන්න බෑ -ඔස්ට්‍රේලියා අගමැති කියයි
පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සොයා මෙහෙයුම් සිදුකරන සෝදිසි කණ්ඩායම් ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් දක්වා නොමැති බව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් පවසයි.
MH370 යානයේ සෝදිසි මෙහෙයුම්වල සම්බන්ධීකරණයන් සිදුවන ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට මාධ්‍ය ඇමතූ අගමැතිවරයා, යානය සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් කඩිනම් කරන ලද බවද පවසා සිටියේය.
ඒ අනුව, ගුවන් යානා 10ක් සහ නෞකා 10ක් පර්ත් නුවරට නිරිතදිගින් වූ මුහුදු කලාපයේ යානයේ සුන්බුන් සොයා අද දිනයේදීද මෙහෙයුම් අරඹන ලදී.
පසුගිය මාර්තු 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා පුද්ගලයන් 239 දෙනෙකු සමග ගුවන්ගත වූ MH370 යානය, ගුවන්ගත වී පැයකින් පමණ පාලක මැදිරිය සමග වූ සම්බන්ධතාවයෙන් ගිලිහී ගියේය.
එදා සිට අද දක්වාම රටවල් රැසක් ගුවන් යානය සොයා සිය මෙහෙයුම් සිදුකරන අතර, තවමත් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටසක්වත් පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වීම විමතිය දනවන්නක් වී තිබේ.
කෙසේ වෙතත් යානය ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බව මීට පෙර මැලේසියානු අගමැති නජීබ් රසාක් අවධාරණය කළ අතර, ඔස්ට්‍රේලියානු අගමැතිවරයාද එම කියමන මෙම මාධ්‍ය හමුවේදී තහවුරු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

