අතුරුදන් MH370 යානයේ සුන්බුන් සොයා එම යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් මැඩගස්කරය වෙත යැමට සැලසුම් කර තිබේ.
2014 වසරේ මාර්තු මාසයේදී මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා කරමින් සිටියදී මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් විය.
මෙම යානයේ සුන්බුන් බවට සැකකළ හැකි බොහෝ දෑ මේ දක්වා නැගෙනහිර අප්‍රිකානු කලාපයෙන් හමුවීම නිසා, මෙම යානයට සැබෑවටම සිදුවූයේ කුමක්ද යන්න සොයා මෙම ඥාතීන් පිරිස මෙසේ මැඩගස්කරය වෙත යෑමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
බොහෝ ඥාතීන් චෝදනා කරන්නේ යානයේ සුන්බුන් සොයා මෙතෙක් කිසියම් නිශ්චිත වැඩපිළිවෙළක් දියත් නොවුණු බව වැටහීමෙන් මෙසේ, තමන් විසින්ම මේ සඳහා මුල පිරීමට සූදානම් වන බවයි.
දැනට සොයා ගැනුණු සුන්බුන් කොටස් 6ක් යානයේ බොහෝ කොටස් පරීක්ෂණ කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව වෙත යැවුණු අතර, මෙම කොටස් බොහෝ සෙයින් අතුරුදන් යානයේ කොටස් බව පසුව තහවුරු කෙරිණි.
පුද්ලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 යානය සොයා ලෝකයේ එදාමෙදා තුර සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වූ අතර, එය ලෝක ඉතිහාසයේ මහා අභිරහසක් බවට පත්වෙමින් තිබේ.