MH370 ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටස් කිහිපයක් දකුණුදිග ඉන්දීය සාගරයේ තිබියදී ගුවන් යානයක් විසින් නිරීක්ෂණය කර ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, මෙම කොටස් අතුරුදන් වූ ගුවන් යානයේම කොටස් බව වඩාත් තහවුරු කරගැනීම සඳහා ඒ කලාපයට නෞකා පැමිණිය යුතු වුවත්, ඒ සඳහා හෙට දිනය වනතුරු බලා සිටීමට සිදුවනු ඇති බව ඔස්ට්‍රේලියානු සමුද්‍රික ආරක්ෂණ අධිකාරිය පවසයි.
මේ අතර අද උදෑසන පවසා සිටියේ, පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු විශ්වසනීය ආරංචි මාර්ගයන් අනුව බටහිර ඔස්ට්‍රේලියාවට තවත් සමීපව සිදුවන බවයි.
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා පියාසර කරමින් සිටියදී අතුරුදන් වී මේ වනවිට සති තුනක් ගෙවී අවසන්ය.
ලෝක ඉතිහාසයේ මෙවැනි දැවැන්ත මෙහෙයුමක් සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, යානය සොයා රටවල් රැසක් පසුගිය 8 වැනිදා සිටම සිය ගුවන් හා නාවුක ශක්තිය දියත් කළේය.
එමෙන්ම, ඒ ඒ රටවලට තම නවීන තාක්ෂණයන් හි නිරවද්‍යතාව තහවුරු කරගැනීමටත් මෙය අවස්ථාවක් වූ අතර, සෝදිසි මෙහෙයුමට සම්බන්ධ විවිධ රටවල් තම උපරිමය මේ වෙනුවෙන් යොදවන්නේ ඒ නිසාය.
කෙසේ වෙතත් යානයේ අතුරුදන් වූවන්ගෙන් වැඩි පිරිසක් චීන ජාතිකයන් නිසා යානය සොයාගැනීම ගැන චීනයේ බලාපොරොත්තුව අතිශය ඉහළය.