MH370 අතුරුදන්වීමේ ප්‍රධාන සැකකරු කපිතාන්ලු
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවා එහි ප්‍රධාන ගුවන් නියමු කපිතාන් සහේරි ෂාහ් බව මැලේසියානු අපරාධ පරීක්ෂණ පොලීසිය කියයි.
ඔහුගේ නිවසේ තිබී හමුවුණු ආදර්ශ ගුවන් යානා නියමු කුටිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ අනුව මේ තීරණය ගත් බව එරට අපරාධ පරීක්ෂණ පොලීසිය පෙන්වා දී තිබේ.
මෙය යොදා ගනිමින් අසල්වැසි ගුවන් පථවලට යානා ගොඩබැස්සවීම සම්බන්ධයෙන් පෙරහුරු අධ්‍යයනයක් ඔහු සිදුකර ඇති අතර, ඔහු තම පරිගණකයේ මතකයෙන් මකා දමා තිබූ එවැනි දත්ත රැසක් යළි මතුකර ගැනීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් මෙම සැකය වඩාත් තහවුරු වී ඇති බව පොලීසිය කියයි.
තිදරු පියෙකු වූ සහේරි සිය බිරිඳගෙන් වෙන්ව සිටි නිසා, තවමත් විවාහ වී නොමැති ජිවිතයේ බලාපොරොත්තු විශාලව පැවැති සහායක නියමු අහ්මඩ් ෂාට වඩා වැඩි සැකයක් සහේරි පිළිබඳව යොමු වී ඇති බවද පොලීසිය කියයි.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූයේ පසුගිය මාර්තු 08 වැනිදාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

