අනතුරට පත් MH17 මැලේසියානු ගුවන් යානයේ ගමන්ගත් පිරිසෙන් 196 දෙනෙකුගේ මළ සිරුරු හා කොටස් ශීතකළ දුම්රිය මැදිරියකට පටවා ඇති බවත්, එම දුම්රිය ගමන් ගන්නා ගමනාන්තය පිළිබඳ තවම පැහැදිලි තොරතුරක් ලබාදී නොමැති බවත් කියැවෙයි.
පසුගිය බ්‍රහස්පතින්දා පුද්ගයන් 298 දෙනෙකු සමග නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් තිබූ MH17 යානය වෙත නැගෙනහිර යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව විශ්වාස කෙරෙයි.
එහිදී, බටහිර රටවල් චෝදනා කරන්නේ එම කලාපය පාලනය කරන රුසියානු හිතවාදීන්ටය. එමෙන්ම, ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට පවා එම අනතුර සිදුවූ කලාපය වෙත ඇතුළු වීම මෙම කැරලිකරුවන් විසින් බාධා පමුණුවන බවට චෝදනා එල්ල වෙයි.
මේ අතර, කැරලිකරුවන් පවසන්නේ යානයේ කළු පෙට්ටිය මේ වනවිටත් අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා ආයතනය වෙත භාරදී ඇති බවයි.