මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය යුක්රේනයට ඉහළ අහසේදී පිපිරීමකට ලක්ව කඩා වැටීම සඳහා රුසියානු හිතවාදී කැරලිකරුවන් රැඳී සිටින ප්‍රදේශයේ සිට එල්ල වූ බක් මිසයිලයක් හේතු වී ඇති බව කියයි.
මෙම ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර අභිචෝදකයන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායම පවසන්නේ එම මිසයිල විදිනය රුසියාවේ සිට යුක්රේනය වෙත ගෙනැවිත්, යළි රුසියාවට ගෙන ගොස් ඇති බවයි.
බෝයිං 777 දරණ මෙම යානය 2014 වසරේදී අනතුරට ලක්වූයේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩැම් හි සිට මැලේසියාවේ ක්වාලලම්පූර් වෙත පියාසර කරමින් තිබියදීය.
කෙසේ වෙතත් මෙම අභිචෝදකයන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට සෘජුව ඇඟිල්ල දිගු නොකිරීමද විශේෂත්වයකි.
ඔවුන් පවසන්නේ මෙම බක් මිසයිලය දියත් කිරීම සඳහා පුද්ගලයන් 100 දෙනෙකු පමණ සම්බන්ධ වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම අපරාධය සඳහා වගකිව යුතු පිරිස තවමත් හඳුනාගෙන නොමැති බවද ඔවුන් අවධාරණය කරයි.