MH17 අභිරහස් විනාශයට වසර දෙකයි
ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලලම්පූර් දක්වා පියාසර කරමින් තිබියදී 2014 ජූලි 17 වැනිදා යුක්රේනයට ඉහළ අහසේදී මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 යානය අභිරහස් ලෙස විනාශ වී වසර දෙකක් ගතවුවත්, එම ඛේදවාචකයේ සැබෑ චෝදකයා කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චය වී නැත.
එදා මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 298 දෙනෙකු සමග මෙම යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අතර, ගුවනේදී යානය වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයක් මෙම ඛේදවාචකයකට හේතුව බව පසුව අනාවරණය විය.
නමුත්, මෙම ප්‍රහාරයේ වගකීම එක් පැත්තකින් යුක්රේනයටත්, අනෙක් පැත්තෙන් රුසියානු හිතවාදී කැරලි හමුදාවටත් දෝලනය වූවා මිස ඒ සැබෑ චෝදකයා අනාවරණය වීමක් නොවීය.
අවසානයේදී නෙදර්ලන්තය මැදිහත්ව ජාත්‍යන්තර අපරාධ පරීක්ෂකයන් සම්බන්ධ කරමින් වසර දෙකක් පුරා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළද එහි වාර්තාවක්ද මෙතෙක් කරළියට පැමිණ නැත.
අවසානයේදී මෙම ප්‍රහාරයෙන් නෙදර්ලන්තය, මැලේසියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ බ්‍රිතාන්‍යය ආදී රටවල සාමාන්‍ය වැසියන් පිරිසක් තම ජීවිත අහිමි කරගෙන තිබුණත්, ඒ ජීවිත වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් වෙත ගුවන් සමාගමෙන් ලැබුණු වන්දියක් හැර, ඒ සැබෑ ඝාතකයන්ට එරෙහිව චෝදනාවක් ගොනුකෙරෙන දිනය පෙනෙන තෙක් මානයේ නොමැති තරම්ය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

