MH17 මැලේසියානු ගුවන් යානය අනතුරට පත් නැගෙනහිර යුක්රේනය වෙත පැමිණීමට සිටි නෙදර්ලන්ත විශේෂඥයන් පිරිස සිය සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට යුක්රේන රජයේ හමුදාව හා රුසියානු හිතවාදීන් අතර ගැටුම් උත්සන්න වී ඇති නිසා ප්‍රදේශය වෙත ළඟවීම අනතුරුදායක වීමෙන් මෙම තීරණය ඔවුන් ගෙන තිබේ.
කෙසේ වෙතත් මීට පෙර මැලේසියාව රුසියානු හිතවාදී කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර පොලීසියට අදාළ ප්‍රදේශය වෙත ඇතුළු වීමට අවසර දෙන ලෙසය.
පසුගිය 17 වැනිදා අනතුරට පත් MH17 යානයේ ගමන් ගත් පුද්ගලයන් 298 දෙනාම ජීවිතක්ෂයට පත්වූ අතර, යානය බිම හෙළීම ගැන රුසියානු හිතවාදීන්ට චෝදනා එල්ල විය.