IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන්ට එරෙහි සටනට ඇමෙරිකා එක්සත් ජනපදය දිනකට ඇ.ඩො.මිලියන 9ක් (රු.මිලියන 1,200ක්) පමණ වැය කරන බව වාර්තා වෙයි.
ඒ අනුව, ඉස්ලාමීය රාජ්ය වෙත බෝම්බ හෙලීම ආරම්භ කළ දින සිට මේ දක්වා ඇ.ඩො.බිලියන 2.7ක් (රු.බිලියන 350ක් පමණ) ඇමෙරිකාව මේ වනවිට වියදම් කර තිබේ.
ඒකාබද්ධ හමුදා සන්ධානය විසින් පසුගිය අගෝස්තු මාසයේ සිට සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන්ගේ ඉලක්ක වෙත බෝම්බ හෙලීම ආරම්භ කළේය.
ඒ අනුව, ඇමෙරිකාව විසින් මෙම සටන වෙනුවෙන් වූ වියදම් ප්රකාශ කළ ප්රථම අවස්ථාව මෙය වන අතර, මෙම වියදමෙන් තුනෙන් දෙකක් පමණම ගුවන් ප්රහාර වෙනුවෙන් වැය වන බව පැවසෙයි.