යේමනයේ, මුකල්ලා නගරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් හේතුවෙන් එරට පොලීසිය වෙත බඳවාගත් නවක භටයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්රහාරය එල්ල කිරීමත් සමග එහි වගකීම අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තවාදීන් විසින් භාරගෙන තිබේ.
නවක භටයන් පොලිස් මූලස්ථානය අසල පෝලිම් ගැසෙමින් සිටියදී මෙම මරාගෙන මැරෙන ප්රහාරය එල්ල වී ඇති අතර, මෙම නගරය පසුගිය මාසයේදී අල්-කයිඩා ත්රස්තයන්ගෙන් මුදාගත් නගරයකි.
යේමනයේ පවතින ගැටුම් හේතුවෙන් 2011 වසරේ සිට විසිපන් ලක්ෂයකට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති අතර, මේ වනවිට ඉස්ලාම් රාජ්ය ක්රියාකාරකම්ද එරට තුළ සිදුවෙමින් පවතී.