අත්අඩංගුවට ගනු ලැබූ දරුවා ISIS ඉස්ලාමීය අන්තවාදී නායකයාගේ බාල දියණිය බව DNA පරීක්ෂණයකින් තහවුරු වූ බව ලෙබනන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම, මෙම දරුවාගේ මවද අත්අඩංගුවේ පසුවන අතර, ඇය ISIS ඉස්ලාමීය අන්තවාදී නායක අබු බකර් අල්-බග්දාදිගේ අනියම් බිරියක ලෙස මේ වනවිට හඳුනාගෙන තිබේ.
පසුගිය අඟහරුවාදා ලෙබනනය කියා සිටියේ ඔවුන් අත්අඩංගුවට ගත්තවුන් අතර, බග්දාදිගේ බිරිද හා පුතෙකු සිටින බවයි.
කෙසේ වෙතත් පසුව ඉරාක රජය විසින් එය ප්‍රතික්ෂේප කළ අතර, පෙර කී කාන්තාව බග්දාදි සමග විවාහ වී නොමැති බව අනාවරණය කළේය.
කෙසේ වෙතත්, දරුවාගේ DNA පරීක්ෂණය සමග දරුවා බග්දාදිගේ දරුවෙකු බව තහවුරු වී තිබෙන අතර, කාන්තාව ඔහුගේ අනියම් බිරියක විය හැකි බව විශ්වාස කෙරෙයි.