ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයෙන් බේරීමට උතුරුදිග ඉරාකයේ කඳුකර ප්රදේශවලට කොටුවී සිටින සුළු ජාතික ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
ඉස්ලාමීය අන්තවාදීන් මීට දින දහයකට පෙර සුළු ජාතික යාසිදි ජනතාව වැඩි වශයෙන් ජීවත් වූ සින්ජාර් නගරය අත්පත් කරගැනීමෙන් පසු එම ජනතාව කඳුකර ප්රදේශයට පළාගොස් ජීවිත බේරා ගත්හ.
මේ සිදුවීමෙන් පසුව ඉරාකය ආක්රමණය කරන අන්තවාදීන්ට එරෙහි ඇමෙරිකානු ගුවන් ප්රහාර එල්ල විය.
මේ අතර, ඉරාක ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තු මන්ත්රී හයිදර් අල්-අබාදි වෙත රජයක් පිහිටුවීමට ආරාධනා කර සිටියේ හිටපු අගමැති නූරි අල්-මලිකි වෙත අතුල් පහරක් එල්ල කරමිනි.
මේ තත්ත්වය තුළ මසක පමණ කාලයක් ඉරාකයේ පැවති දේශපාලන ව්යවුලටද විසඳුමක් ලැබෙනු ඇති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතය විය.
මලිකි පාලනය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්රහාර මැඩපැවැත්වීමට අපොහොසත් නොවූ බවට වූ චෝදනා මෙහිදී ප්රමුඛත්වයෙහිලා ගැනුණි.