IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් ගෝලීය තර්ජනයක් ලෙස සලකා ඔවුන්ට එරෙහි සටනට එළැඹෙන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ආසියානු පැසිෆික් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි.
සිඩ්නි නුවර පැවති ත්‍රස්තවාදී ව්‍යාපාර වැළැක්වීමේ සමුළුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ IS ජිහාඩ් සටන්කාමීන් යනු මිනී මැරීම අදහන, අතිශය අන්තවාදී ම්ලේච්ඡයන් පිරිසක් බවයි.
ඔස්ට්‍රේලියාව පෙන්වා දෙන පරිදි එරට පුරවැසියන් 100කට වැඩි පිරිසක් සිරියාව හා ඉරාකය තුළ ජිහාඩ් කණ්ඩායම් සමග සටන් වදිති.
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව සිය ත්‍රස්ත අවදානම් මට්ටම ඉහළ දැමීමට කටයුතු කළ අතර, ප්‍රති-ත්‍රස්ත මෙහෙයුම් රැසක් ක්‍රියාවට නැංවීය.