සිරියාවේ කොබානේ නගරයේ උතුරුදිග බලය අල්ලාගෙන සිටි ISIS ඉස්ලාමීය අන්තවාදීන් දැවැන් පසුබැස්මක් පෙන්වන බව එරට කුර්දි අණදෙන නිලධාරියා බී.බී.සී.යට පවසා තිබේ.
නගරයෙන් නැගෙනහිර ස්ථාන දෙකක හැරුණු විට අනෙක් සියලුම ප්රදේශවලින් ඉස්ලාමීය අන්තවාදීන් වෙත දැවැන්ත ප්රහාරයක් එල්ල කළ බවත්, ඒ අනුව, ඔවුන් පසුබසිමින් සිටින බවත් අණදෙන නිලධාරී බහරීන් කණ්ඩාල් පවසයි.
මේ අතර, ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්රහාරයන්ද අන්තවාදීන්ගේ මෙම පසුබැසීමට හේතු වී ඇති අතර, පසුගිය පැය 24 තුළ ගුවන් ප්රහාර 14කට වඩා ඔවුන් වෙත එල්ල කර තිබුණි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයීඩ් රාද් අල් හුසේන් පවසා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන් දැවැන්ත මානව හිමිකම් කඩකිරීමක් සිදුකරමින් සිටින බවයි. ඔවුන් මානව හිමිකම්වලට විරුද්ධ සංවිධානයක් බවත් ඔහු අවධාරණය කර තිබේ.