සිරියාවේ සහ ඉරාකයේ ක්රියාත්මක ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට පහරදීම සඳහා තම හමුදාවන්ට අවසර ලබාදීමේ මෝසමකට තුර්කි පාර්ලිමේන්තුව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව. මෙම ක්රියාමාර්ගයත් සමග විදෙස් හමුදාවන්ට තුර්කි භූමියේ සිට ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව ප්රහාර එල්ල කිරීමටද අවස්ථාව හිමිවන බව කියැවෙයි.
මෙම මෝසමට පක්ෂව මන්ත්රීවරු 298 දෙනෙක් ඡන්දය ප්රකාශ කර ඇති අතර, ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කර ඇත්තේ මන්ත්රීවරු 98 දෙනෙකු පමණි.
තුර්කි ප්රාණ ඇපකරුවන් 46 දෙනෙකු මීට පෙර ඉස්ලාමීය අන්තවාදීන් විසින් රඳවාගෙන සිටි අතර, පසුව ඔවුන් නිදහස් කෙරිණි.