'ඉස්ලාම් රාජ්‍යයක්' වෙනුවෙන් සටන් වදින ISIS ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව ඇමෙරිකාව විසින් දියත් කර ඇති ගුවන් මෙහෙයුමට තවදුරටත් සිදුවන බවත්, ඊයේ (27දා) සිරියාවේ කෝබෙන් නගරය අවට ස්ථාන කිහිපයකට රාත්‍රිය පුරා ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවත් වාර්තා වෙයි.
කුර්දි සටන්කරුවන් ඉස්ලාම් අන්තවාදින්ගෙන් කෝබෙන් නගරය බේරාගැනීම සඳහා දැඩි සටනක නිරතව සිටින අවස්ථාවේදී, යුද ගුවන්යානාවලින් ඔවුන්ට සහාය වෙමින් අන්තවාදීන් වෙත බෝම්බ හෙළා තිබේ.
මීට පෙර මෙම නගරයේ සිටි ලක්ෂ එකහමාරකට ආසන්න ජනතාවක් නගරය අතහැර තුර්කිය පළා ගියේ ඉස්ලාමීය අන්තවාදීන් නගරය ආසන්නයටම පැමිණ සිටි නිසාය.
ඊයේ වනවිට කොබෙන් නගරයට මිනිත්තු දහයකින් ළඟාවිය හැකි දුරක අන්තවාදීන් සිටි බව කියවුණි.