ISIS ඉස්ලාමීය අන්තවාදීන් බැග්ඩෑඩ් ආසන්නයේ - ඇමෙරිකානු සෙබලු 275ක් ඉරාකයට
දකුණුදිග බැග්ඩෑඩය වෙත පසුගිය සතිය පුරා වේගයෙන් පැමිණෙන සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් සැදි ISIS ත්රස්තවාදීන් ඉරාකය ආසන්නයටම පැමිණ ඇති බවත්, ඔවුන් වෙත ඉරාක හමුදා දැඩි ප්රතිප්රහාර දියත් කරමින් සිටින බවත් විදෙස් පුවත් සේවා වාර්තා වෙයි.
විදෙස් වාර්තාවන්ට අනුව බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර් 60ක් පමණ දුරින් වූ බකූබා නගරයද මේ වනවිට සුන්නි ත්රස්තයන් විසින් අල්ලාගෙන තිබේ.
මේ අතර ඇමෙරිකාව විසින් ඇමෙරිකානු සෙබලු 275 දෙනෙකු බැග්ඩෑඩ් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂා කිරීම සඳහා ඉරාකය වෙත යවා තිබේ.
කෙසේ වෙතත් බකූබා නගරයේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඉරාක ආරක්ෂක අංශ මෙන්ම, ඉරාක ජනතාවද තුවක්කු ගෙන ඉදිරියට ඇදෙන බව කියයි. ඒ අතර තවත් සංවිධාන රැසක්ද සුන්නි ත්රස්තයන්ට එරෙහි මෙහෙයුමට සම්බන්ධව සිටින බව විදෙස් පුවත් වාර්තා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

