සිරියාවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ අගනගරය ලෙස සැලකෙන රක්ඛා නගරයේ බලය සියතට ගැනීම සඳහා ඇමෙරිකාවේ සහාය ලබන කුර්දි හා අරාබි සටන්කාමීන් මෙහෙයුම් අරඹා තිබේ.
සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාව ලෙස සැලකෙන මොවුන් වෙත ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්‍රහාරක ශක්තියද හිමිවන බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සිටින ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස ඔවුන් සිවිල් ජනතාවට දැනුම් දීම් සිදුකර ඇති බවද කියැවෙයි.
රක්ඛා නගරයට උතුරින් ගොඩබිම් මෙහෙයුම් අරඹා ඇති අතර, රක්ඛා නගරයට කිලෝමීටර් 50ක් පමණ ඔබ්බෙන් වූ අයින් ඉස්සා ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මෙහෙයුම් ආරම්භ කර තිබුණි.
ඉරාකයේ මෝසුල් නගරය අත්පත් කරගැනීමේ මෙහෙයුම් සමගම රක්ඛා මෙහෙයුමද ඇරඹීම සුවිශේෂී සිදුවීමක් වන අතර, මේ වනවිට මොසුල් නගර සීමාවට ඉරාක රජයේ හමුදා ළඟ වී සිටිති.
කෙසේ වෙතත්, මෙම මෙහෙයුම් දෙකම ඇමෙරිකානු ජනාධිපතිවරණ උණුසුම සමගම ආරම්භ වීමද විශේෂත්වයක් ගන්නා අතර, එය ඔබාමා පාලනය විසින් හිලරි වෙත ලකුණු ලබාදීමේ යුද මෙහෙයුමක් ලෙසද ඇතැම් ස්වාධීන මාධ්‍ය පෙන්වා දෙයි.